
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ දිනය වන විට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 35,375 ක්.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම අගය සඳහන් වන්නේ 8,599 ක් ලෙසයි.
එමෙන්ම, බස්නාහිර පළාතෙන් රෝගීන් 14,448ක් වාර්තා වී ඇති තිබෙනවා.
එසේම, මේ වනවිට ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය උත්සන්න වී ඇති බවත් ඉන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.