ඉතාලියට අයත් සිසිලි දූපත්වලට ආසන්න මුහුදේ (19) උදෑසන නැංගුරම් ලා තිබියදී ‘ටෝනඩෝ’ කුණාටුවකට හසුවීම හේතුවෙන් පෙරළී ගොස් මුහුදේ ගිලුණු ‘බයේසියන්’ සුඛෝපභෝගී යාත්‍රාවේ සිට අතුරුදන් වූ පිරිස අතර එංගලන්තයේ තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයකු වන මයික් ලින්ච් හා ප්‍රකට ජාත්‍යන්තර ආයෝජන හා මූල්‍ය කටයුතු පිළිබඳ බැංකුවක් වන මෝගන් ස්ටැන්ලි බැංකුවේ සභාපති ජොනතන් බ්ලුමර් ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ යාත්‍රාව මුහුදේ ගිලීම හේතුවෙන් එක් අයකු මිය ගොස් තවත් හයදෙනකු දියෙහි ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ සුඛෝපභෝගී යාත්‍රාවේ සුපවේදියා බව අනාවරණය වී තිබේ.කුණාටුව කඩා වදින අවස්ථාවේ යාත්‍රාව තුළ මගීන් 12 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු 22 දෙනෙකු සිට ඇති අතර දියෙහි ගිලුණු පිරිසෙන් 15 දෙනකු වෙරළාරක්ෂක භටයන් විසින් බේරා ගෙන තිබේ. මේ වන විට යාත්‍රාව ගිලීමෙන් අතුරුදන්ව ඇති හය දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.
මීටර් 56ක් දිගැති ‘බයේසියන්’ නෞකාව නැංගුරම් ලා තිබියදී ඒ මතට කඩා වැදී ඇති කුණාටුව හේතුවෙන් නැංගුරම ක්‍රියා විරහිත වී ඇති අතර යාත්‍රාවේ සවි කර තිබූ කුඹ ගස දෙකට කැඩී ගොස් යාත්‍රාවේ සමබරතාවය ගිලිහී යෑමෙන් එය මුහුදේ ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම අනතුරෙන් අතුරුදන්ව සිටින පිරිස සොයා මුහුදේ කිමිදුනු කිමිදුම්කරුවන් හට මීටර් 50ක් ගැඹුරින් තිබූ යාත්‍රාවේ සුන්බුන් අසලට යෑමට හැකි වී ඇතත් අතුරුදන් වූ කිසිවකු මේ වන තෙක් හමු වී නොතිබූ බව වාර්තා වේ.
උරේෂා පෙරේරා.