
ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිශ්කාශන ආයතනයක් හරහා දිවයිනට යොමු කරන ලද පාර්සලයක තිබී හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් රේගුව සිය භාරයට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ විටිනාකම රුපියල් මිලියන 212ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ.
රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.
මතුගම ප්‍රදේශයේ ලිපිනයකට අදාළ පාර්සලය එවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.