
ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 78 ක්.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඔහු තේරී පත්ව තිබුණා.