
සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඔවුන් දෙදෙනා පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරනු ලැබුවා.
එසේම, සාරතී දුෂ්මන්ත මහතා අර්බුද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙසද මීට පෙර පත් කෙරුණා.
සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අ.ර, අංගජන් රාමනාදන් මහතා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරනවා.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති ඔවුන් මෙලෙස සිය සහාය පළ කර තිබුණා.