/
/
title icon Box Office බිදහෙලමින් Deadpool ගේ නැවත පැමිණීම
Box Office බිදහෙලමින් Deadpool ගේ නැවත පැමිණීම
Dileepa Ranaweera
1 month ago
Share:
Box Office බිදහෙලමින් Deadpool ගේ නැවත පැමිණීම

මේ අවුරුද්දේ (2024) Marvel ආයතනයෙන් එලියට ආපූ Deadpool and Wolverine චිත්‍රපටය විශාල ජනප්‍රියතාවක් එක්කම එලියට ආපු Budject චිත්‍රපටයක්. Shawn Levy විසින් තිරපිටපත රචනා කරලා ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටය මේ වන විට Box Office ආදායම ඇමැරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව Inside Out 2 චිත්‍රපටයෙන් පසුව 2024 වසරේ බිලියනයේ ආදයම් ඉක්මවු දෙවන චිත්‍රපටය බවටත් පත් වෙනවා. Deadpool චිත්‍රපට මාලාවෙ හොදම චිත්‍රපටය බවටත් Hugh Jackman තම සිනමා ජීවීතයෙ ඩොලර් බිලියනයේ ආදයම් පසු කල පළමු චිත්‍රපටය බවටද මෙය පත් වෙනවා. ඒ වගේම 2019 තිරගත වූ Joker චිත්‍රපටයෙන් පසු ඩොලර් බිලියනයේ ආදායම ලබා ගත් එකම R - Rated චිත්‍රපටය වන්නේද මෙයයි.

හොලිවුඩයෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් වන Ryan Reynolds හා Hugh Jackman මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනා ලෙස රංගනයෙන් දායක වනවා. Deadpool (2016) චිත්‍රපටයේ දෙවන කොටස ලෙස එලියට ආපු මේ චිත්‍රපටය ගොඩක්ම ජනප්‍රිය වන්නෙ Marvel සිනමා විශ්වයේ බොහෝ දෙනෙක්ගේ කැමතිම සුපිරි වීරයෙක් වුනු Wolverineගෙ නැවත පැමිණීමත් නිසායි. 2017 තිරගත වූ Logan චිත්‍රපටයේදී Wolverine මරණයට පත් වීමත් සහා ඒ කුතුහලයත් මෙම චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වීමට තවත් එක් හේතුවක්.

1994 කාලයේ නිකුත් උනු Wolverine #88 Comic එක තුළින් තමයි මේ දෙන්නා මුල් වරට හමුවුනු අවස්ථා අවස්ථා දැකගන්නට තිබුණෙ. දෙදෙනා තුළ ඇතිවන ගැටුම් මෙහි වැඩි වශයෙන් දැකගන්නට තිබුණා. මේ දෙදෙනා ඇතුළත් කොමික් තවත් කිහිපයක්ම තියෙනවා Deadpool Kills The Marvel Universe, Death of Wolverine: Deadpool And Captain America, Marvel-verse: Deadpool & Wolverine, Wolverine By Bejamin Percy, Vol 4, Deadpool: End Of An Error ඒවා අතරින් කිහිපයක්.

චිත්‍රපටය එළියට දාන්න කලින් Marvel සමාගම පූර්ව ප්‍රචාරක පට තුනක් පමණ Youtube ඇතුළු සමාජ මාධ්‍ය රාශියකටම නිකුත් කලා. කොහොම වුනත් විචාරකයන්ගෙ අදහස උනේ මෙයින් කතාව රසවිදීමට ඇති හැකියාව ඇහිරෙන බවයි. ඒ වගේම ඇතැම් රසිකයන් පෙර ප්‍රචාරක පටවල ඇති ඇතැම් සිද්ධි කතාව තුළ නැති බවටත් පෙර චෝදනා ඇති වී තිබුණා. මේ Trailers වල තිබුණු දර්ශන වල කාන්තා Deadpool කෙනෙක් (Lady Pool) දකින්නට ලැබුණු නිසාත් ප්‍රේක්ශක ප්‍රතිචාර තවත් වැඩි උනා. ඒ වගේම බොහෝ ප්‍රේක්ශකයන් සිතන්නට උනේ Ryan Reynolds ගේ බිරිදත් කියල. කොහොම උනත් චිත්‍රපටය වසරේ දැනට සාර්ථකම චිත්‍රපටය කියලත් අපිට හදුන්වන්න පුළුවන්.

දිලීප රණවීර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required