/
/
title icon
දියේ ගිලී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු මරුට
දියේ ගිලී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු මරුට
Editor
6 months ago
Share:
දියේ ගිලී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු මරුට

කළුතර - අවිත්තාව - ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අද උදෑසන මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා.

මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනායී.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required