
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී අද පස්වරුවේ ඒකමතිකව සම්මත වුණා.
මෙම විශේෂ සමුළුව, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති අතර, ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා විමසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම වෙනුවට විපක්ෂය ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.