/
/
title icon
චීන යුද නෞකා තුනක් කොළඹ වරායේ
චීන යුද නෞකා තුනක් කොළඹ වරායේ
Editor
6 months ago
Share:
චීන යුද නෞකා තුනක් කොළඹ වරායේ

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණ තිබුණේ මහජන චීන විමුක්ති හමුදාවට අයත්  “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

එම නෞකා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව, නිල සංචාරය අවසන් කරමින් ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු වුණා.

වේගවත් යුද නෞකාවක් වන මෙය දිගින් මීටර් 163ක් වන අතර, කාර්යය මණ්ඩලය 410 දෙනෙකුගෙන් සමන්විතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required