/
/
title icon ඩිජිටල් වන තරුණ පරපුර
ඩිජිටල් වන තරුණ පරපුර
Uresha Perera
1 month ago
Share:
ඩිජිටල් වන තරුණ පරපුර

අද වන විට සමස්ත සමාජයම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත.ළදරු වියේ බහ තෝරන්නටත් පෙර සිට ම ජංගම දුරකථනය හසුරවන්නට ඉගෙන ගනී.ජංගම දුරකථනය අද වන විට හුදෙක් උපකරණයක් පමණක් නොව එය සමාජ සාමාජිකයකු බවට පත් ව ඇත.එතරම්ම ජංගම දුරකථනය සමාජය හා ඒකාබද්ධ වී ඇත.විශේෂයෙන්ම තරුණ පරපුර සමාජ මාධ්‍ය තම ජීවිතේ ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රදර්ශන මාධ්‍යක් ලෙස අවභාවිත කරන අවස්ථා කොතෙකුත් දැක ගත හැකිය.

ජීවිතේ දී සිදු වන අතිශය පෞද්ගලික දේවල් පවා සමාජ මාධ්‍ය ඔස්සේ මුග්ධ ලෙස ප්‍රදර්ශනය කරන්නට කටයුතු කිරීම සංවේගයට කරුණකි.සමාජ මාධ්‍ය පරිහරණය එන්න එන්නම වැඩි වර්ධනය වෙමින් පවතී.මාධ්‍ය සාක්ෂරතාවයෙන් තොරව සමාජ මාධ්‍ය භාවිත කරන්නා සමාජයටම පිළිලයක් වනු ඇත.ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සංවේදී පැතිකඩයන් පවා අනවශ්‍ය ලෙස හුවා දක්වන්නට සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් කටයුතු කරන විට සමාජයේ සංවේදී කාරණයන් පවා ගණන් නොගන්නා තත්ත්වයකට පත් වී තිබේ.මේ තත්ත්වයට පිළියමක් වන්නේ මාධ්‍ය සාක්ෂරතාවයෙන් තරුණ පරපුර සන්නද්ධ කිරීමයි.

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required