
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන වන නදීන් බාෂික් කටුනායක ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිසියට භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායාමේ චෝදනාවට නදීන් බාෂික් කටුනායක ගුවන් තොටුපලේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
නදීන් බාෂික් සහ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් ගමන් කළ මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ දී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් අනතුරට ලක් කරමින් පසුගිය පෙබරවාරි මස 16 වනදා පළා ගොස් තිබුණා.