
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන මස 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළා.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයී.
මෙහිදී අධිකරණය වැඩිදුරටත් නියම කළේ සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙසයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වසරේ පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කළේ.
ඒ අනුව එතැන් සිට මේ දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.