සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගය අද ආරම්භ වුණා.
එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නා.
මේ වනවිට සිය පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 76කදී කඩුළු 06ක් දැවී ලකුණු 306 ක් ලබා සිටිනවා.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ශතකයක් මෙහිදී ලබාගැනීම විශේෂත්නයක්.