/
/
title icon
ත්‍රිවිධ හමුදා ආහාර සලාකයේ වෙනසක් - රාජ්‍ය ඇමති ප්‍රමිත කියයි
ත්‍රිවිධ හමුදා ආහාර සලාකයේ වෙනසක් - රාජ්‍ය ඇමති ප්‍රමිත කියයි
Editor
5 months ago
Share:
ත්‍රිවිධ හමුදා ආහාර සලාකයේ වෙනසක් - රාජ්‍ය ඇමති ප්‍රමිත කියයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරියේ සිට සංශෝධනය කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ රාජංය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිතයි.

එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required