/
/
title icon
තැපැල් ඡන්දය සලකුණු කළ හැකි තැන් ගැන මැතිවරණ කොමිසම කියයි
තැපැල් ඡන්දය සලකුණු කළ හැකි තැන් ගැන මැතිවරණ කොමිසම කියයි
Editor
5 months ago
Share:
තැපැල් ඡන්දය සලකුණු කළ හැකි තැන් ගැන මැතිවරණ කොමිසම කියයි

2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව අදාල නිවේදනය මගින් වැඩිදුරටත් පවසනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required