
ඉදිරියේදී පත්වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ජනතාවට ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොට්ටාව නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පත්වන ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා ඇති වැට් බද්ද ඉවත් කරන බවයි.
එසේම පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.