
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 332 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 377ක් වනු ඇති.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක්.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.