/
/
title icon
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 95% කින් අවසන්
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 95% කින් අවසන්
Wasana Wickramasingha
5 months ago
Share:
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 95% කින් අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් ඉතිරිව ඇති බවයි. එම කොටස ද හෙට (02) දිනයේදී බෙදා අවසන් කිරීමට නියමිතයි.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, 712,318 ක් වන අතර වැඩි ම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 04,05 හා 06 යන දිනවලදී පැවැත්වේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required