
2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබෙනවා.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අද මෙම තීරණය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියා.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
එසේම දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් පී. අරියනේත්තිරන්ට සහාය ලබානොදීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.