
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 2025 ජනවාරි 01 සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් සහ ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා මූලික වැටුප ඉහළ නැංවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු කෙරෙනවා.
එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවෙනු ඇති.
එසේම, සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින්ද, පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු කෙරෙනවා.
කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින්ද, පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද මෙම නිර්දේශ අනුව ඉහළ නැංවීමට නියමිතයි.
එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු කෙරෙනවා.
මීට අමතරව හෙද, මහජන සෞඛ්‍ය, ඖෂධවේදී, ග්‍රාම නිලධාරී, විදුහල්පති, ගුරු, පොලිස් ඇතුළු ක්ෂේත්‍ර රැසක වැටුප් ඉහළ නැංවෙනු ඇති.