/
/
title icon ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක්
ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක්
Uresha Perera
2 months ago
Share:
ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක්

ගාසා තීරයේ රැදී සිටින ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ ඊශ්‍රායලය විසින් ඔක්තෝබර් 7වෙනිදා සිට ගාසා තීරයේ ළමුන් 13,000කට වඩා මරා දමා තිබේ.එසේම අනෙක් අය දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අතර ඔවුන්ට අඬන්නටවත් ශක්තියක් නැති බවයි.කෙසේ නමුත් වසර 25කට පසු ගාසා තීරයෙන් හමු වූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙම රෝගය තවත් ළමුන්ට ආසාදනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇති කරන බවය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සහ ගාසා තීරයේ ප්‍රාදේශීය  සෞඛ්‍ය නිලධාරීන් එක්ව දරුවන් 6 40 000ක් පෝලියෝ එන්නත් කිරීමේ කටයුතු අරඹා ඇත.අවුරුදු 10ට අඩු ළමුන් 90%ක්වත් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තිකරණය කළ යුතු බව ඔවුන් සදහන් කරයි.මෙම පෝලියෝ එන්නත ලබා දීම සඳහා ඊශ්‍රායලය හා හමාස් සංවිධාන අතර දින 3ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට පසුගිය සතියේ කටයුතු කරන ලදි.

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required