
"නාමල් දැක්ම" ලෙස නම් කෙරුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද කොළඹ පැවති උත්සවයකදී එළිදක්වනු ලැබුවා.
ඔබ වෙනුවෙන් දියුණු රටක් "නාමල් දැක්ම" ලෙස නම් කෙරුණු එය පිටු 50කින් සමන්විතයි.
බදු බර පහළ දැමීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ එමගින් අවධානය යොමුකර තිබෙනවා.
ඒ අනුව එකතු කළ අගය මත බදු සහ උපයන විට ගෙවීමේ බදු ක්‍රමානුකූලව සංශෝධනය කරන බව පවසනවා.
ඊට අමතරව සමෘද්ධි සහනය යළිත් වරක් ලබාදඹට පියවර ගන්නා බවද එහි දැක්වෙනවා.