
2024 වසරේ මුල් මාස 6 තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුක්ත දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු යොදා ඇත. මෙම දුම්වැටි අතර Manchester, Benson & Hedges, Gold Leaf, Malboro, Dunhill, Esse, Platinum යන වෙළඳ සන්නාම සහ චීන වෙළඳ සන්නාම කිහිපයක් ද වේ.
රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල, දැඩි රෙගුලාසි යටතේ විනාශ කිරීම සිදුවේ.