
විශේෂ කාර්ය බලකායේ අරුගම්බේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 2024.09.02 වන දින පොතුවිල් පොලිස් වසමේ අරුගම්බේ කදවුර ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් ප්‍රමාණය ඉක්මවා සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.