
2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා.
එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත එය භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
නිර්දේශ අනුව මූලික වැටුප් 24% සිට 50%ත් 60%ත් දක්වා වූ පරාසයකින් වැඩිවීමට නියමිතයි.
වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමිවනු ඇති.