
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි 2024.09.03 වන දින ගොතටුව පොලිස් වසමේ වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 250 ක්, විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මලීෂ ආකාශ් යන අයවළුන් සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගිය අයෙකු බවටයි තොරතුරු අනාවරණය වන්නේ.