
තලාව - කැකිරාව මාර්ගයේ එප්පාවල - කටියාව මංසන්ධිය ආසන්නයේදී වෑන් රථයක් යතුරුපැදියක ගැටී අද සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතරින් තුන් හැවිරිදි දරුවෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියේ ගමන් කළ 38 සහ 58 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් සමග සිටි දරුවායි තුවාල ලබා ඇත්තේ.
එම පිරිස මළුලෑව - ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
වෑන් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.