
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටිනවා.
අවම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 3,566 දෙනෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.