/
/
title icon
පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකු ජනපති නෙරපයි
පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකු ජනපති නෙරපයි
Editor
5 months ago
Share:
පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකු ජනපති නෙරපයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තවදුරටත් එහි රැඳී සිටින රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙලෙස ඔවුන්ව ඉවත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required