
බිබිල - නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී අද රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බිබිල - අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක, එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් පුද්ගලික බස් රථයකුයි මෙලෙස ලංගම බස් රථයේ ගැටී ඇත්තේ.
අනතුරෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා බිබිල රෝහලටයි ඇතුළත් කර ඇත්තේ.