
2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් උපයාගෙන තිබෙනවා.
රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සරත් මහතා කියා සිටියේ මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූවක් බවයි.
ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.