
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා.