
දේශීය බිත්තර මිල ගණන් ඉහළ යෑමත් සමග යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට ගත් තීරණයෙන් පසු දිවයිනට ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර මිලියන 03ක් මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ආනයනික බිත්තරයක් රුපියල් 40 කට වෙළෙඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ.
බිත්තර ආනයනයට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීමෙන් පසුව අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ ඉල්ලීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව සඳහන්.