/
/
title icon
ඒ.එස්.පී සංජීව මහානාම පිළිබඳව පුළුල් විමර්ශන
ඒ.එස්.පී සංජීව මහානාම පිළිබඳව පුළුල් විමර්ශන
Wasana Wickramasingha
5 months ago
Share:
ඒ.එස්.පී සංජීව මහානාම පිළිබඳව පුළුල් විමර්ශන

උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකුව සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා, මත් ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින් දේපළ ඉපයීම පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකර්ණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර රහස් පොලිසිය සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, වංචා විමර්ශන ඒකකය, සුරා බදු ඒකකය, රේගුව ඇතුළු ආයතන එකොළහකින් වාර්තා කැඳවා තිබෙනවා.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්, එමගින් උපයන මුදල් දිනපතා “ඊසි කෑෂ්” ක්‍රමයට වෙනත් පුද්ගලයන්ගේ නම්වලින්  රැස් කරගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required