
විෂ සහිත මත්ස්‍යයෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි, 27 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් තිබෙනවා.
ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනකු සමඟ මුහුදු ගොස් ඇති අතර එම අවස්ථාවේදී විෂ සහිත මොරල්ලකු ධීවරයාට ප්‍රහාරයක් එල්ල කර මුහුදේ පීනා ගොස් තිබෙනවා.
මත්ස්‍යයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ධීවරයා වහා ගොඩබිම වෙත රැගෙනවිත් පුංගුඩුතීව් රෝහලට ඇතුළත් කර ඇතත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ.
මෙම වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේදී විෂ සහිත මත්ස්‍යයන්ගේ ප්‍රහාරවලට ලක්ව මිය ගිය තුන්වැනි ධීවරයා වන්නේ මොහුයි.