
චීනයේ WELV ලෙස නම් කරන ලද නව වෛරසයක් සොයාගෙන තිබෙනවා.
මෙය කිනිතුල්ලන් දෂ්ට කිරීමෙන් පැතිරෙන වෛරසයක් බවයි වාර්තා වන්නේ.
2019 වර්ෂයේ ජුනි මාසයේ ජින්ෂෝ නගරයෙන් ප්‍රථම වරට මෙම වෛරසය සොයාගෙන ඇත්තේ 61ක් හැවිරිදි පුද්ගලයෙකුට ආසාදනය වීමෙන්.
The New England Journal of Media හි සඳහන් වාර්තාවට අනුව මෙම රෝගියා උණ, හිසරදය හා වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
මෙම WELV වෛරසය ක්‍රිමියානු-කොංගෝ රක්තපාත උණ වෛරසයට සමාන වන බව පැවසෙනවා.
මෙය, මිනිසුන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් ඇති කිරීමට තරම් දරුණු හා මාරාන්තික වෛරසයක් වන බව රසායනාගාර පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුවන බවයි.