
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ වෙළඳ සැලක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් විදුලි උපකරණ සහිත වෙළඳ සැල් දෙකක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගින්න වෙළඳ සැලේ දෙවන මහලේ හටගෙන, ක්‍රමයෙන් යාබද වෙළඳ සැලට ද පැතිර ගොස් ඇති අතර පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකය, නගර වාසීන් සහ පොළොන්නරු පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සහ දරා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල මඩකලපුව ප්‍රධාන මාර්ගය, කඳුරුවෙල නගර මධ්‍යයෙන් අවහිර වූ අතර ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පැවසෙන්නේ.