
පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවති ජනහමුවකට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රැස්වීම පැවැත්වෙන අතරතුරදී ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්විම් ශාලාවට ඇතුළු වීමට උත්සහ දැරීමේදී, එහි සිටි අඹදෝව පොලිසියේ හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් ඔවුන්ව පරීක්ෂා කර බලා තිබෙනවා.
එම අවස්ථාවේදී, තරුණයින් සන්තකයේ තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවීම නිසාවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.