
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.
ඔහු එම මුදල කොටස් වශයෙන් 08 වතාවකට ගෙවා අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රුපියල් මිලියන 100ක වන්දි මුදලක් පසුගියදා ගෙවා අවසන් කර තිබුණා.
මීට අමතරව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් ද වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.