
ඊශ්‍රායල් හා ශ්‍රී ලංකා රජයයන් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 5යි මාස 5ක කාලයක් රැකියාවල නිරතවීමට අවස්ථා හිමි වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබෙනවා.
සැප්තැම්බර් මස 12 සහ 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයන් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ දිනයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු වුණා.
මෙම රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් සුදුසු පුද්ගලයින් යොමු කරන අතර රැකියාලාභීන් තෝරාගනු ලබන්නේ ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින්. ඒ ලොතරැයි ක්‍රමවේදයට අනුව.
එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් සඳහන් කරනවා.
රජයන් දෙක අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව පමණක් මෙම රැකියා අවස්ථා හිමිවන අතර මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිදු පුද්ගලයෙකුට අවසර ලබා දී නැ.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස කාර්යාංශය මහජනතාවගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිනවා.