
මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී පීඩා විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බේරාගත් මෙම පිරිස සුරක්ෂිතව ඉකුත් සැප්තැම්බර් 05 වැනි දා මෙරටට පැමිණියා.
විපතට පත්ව සිටි එම පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සාර්ථකව සිදුකර ගැනීම සඳහා තායිලන්ත රජයේ සේම සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහාය ද ලැබී තිබුණා.
කෙසේ වෙතත්, තවත් ශ්‍රී ලාංකිකයින් තිස්පස්දෙනෙකු මියන්මාරයේ සිරව සිටින අතර ඔවුන්ව ද හැකි ඉක්මනින් මුදා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.