
රාජ්‍ය නිලධාරීන් දැනුම් දීමකින් තොරව දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා.
මේ පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන් දැනුම් නොදී සේවයට වාර්තා නොකිරීම නිසා ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
යම් නිලධාරියෙකුට සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළහොත් ඒ සම්බන්ධව නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති හි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු වෙනවා.
යම් නිලධාරියෙකු එසේ ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම පිළිබඳව අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය, නිලධාරියා වෙත දැන්විය යුත්තේ ලිඛිතව බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන් ම දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේ දී උසස් වීම් ලැබීමට සිටින නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාරගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසා සිටිනවා.
එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බව ද තවදුරටත් සඳහන් වෙනවා.