
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.
ඒ මහතා තව දුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අවසන් අදියරයේ පසුවන බවයි.
"සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතා ම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේ දී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්... තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."