
කොළඹ වරායේ ප්‍රධාන මාර්ගයේ පළමු වටරවුම ආසන්න ප්‍රදේශයේ, කොන්ක්‍රීට් කණු සවි කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වලවල් සකස් කිරීමේදී මිනිස් ඇටසැකිලි රැසක් හමුව තිබෙනවා.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ විමර්ශන කටයුතු දියත් වෙමින් පවතිනවා.
ඊට අදාළ කැණීම් කටයුතු සිදුවන්නේ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් I.M.S බණ්ඩාර ඉලංගසිංහ මහතාගේ නියෝග හා අනුදැනුම මතයි.