
කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
පසුව එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණි අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන් පාගමනින් යෑමට උත්සාහ කිරීමත් සමග අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය අත්අඩංගුවට ගත්තා.
පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කළේ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.