
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.
මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වසරේ සිට මේ දක්වා ම වැඩි කර නොමැති අතර අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් එම වාරික මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණා.
එම යෝජනාව සලකා බලමින් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.