සැප්තැම්බර් මස12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිති කොටගෙන බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.
එදින තුළ රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියලු ම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබනු ඇති.