
රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු මෙලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක මෙලෙස ඉවත් කළ අනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් වනවා.
පසුගියදා ගීතා කුමාරසිංහ සජිත් ප්‍රෙමදාසට සහාය පළ කරමින් ඔහුගේ වේදිකාවට එක්වූ අතර, අනෙක් සිව්දෙනා නාමල් රාජපක්ෂට සහාය පළ කරමින් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැඳී සිටිනවා.