
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීම පිළිබඳ නඩුව අද දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට සහ තවත් සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවුණා.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තවදුරටත් තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වැනි දා අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව අද දින කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි.