
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන සැප්තැම්බර් 18 වන බදාදා දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ විධිමත් පැමිණිල්ලකින් තොරව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිවයි.
මීට අමතරව අද දින සිට සියලු ම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව ද
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියා.